Exporting gems legally from Sri Lanka 01 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 01

Sri Lanka is a country rich in mineral resources. Gems are the third largest exporter of Sri Lanka’s gross national product. What is it..
The primary purpose of setting up this group was to give detailed knowledge about Manik export to the local marketers..I hope to explain the procedure in detail through a letter.
Sri Lanka Gems and Jewelery Authority is the main body that has authority over gems in Sri Lanka. In addition, there are several other organizations that are important in the gem export process.

There are several certificates and licenses that need to be obtained separately by those institutions. Expect all the details regarding that in future articles. If there are any problems in that regard, I request you to mention them below..

ශ්‍රී ලංකාව ඛණිජ සම්පත් වලින් අනූන වූ රටකි.එමෙන්ම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිශ්පාදනය තුල අපනයන යටතේ ඇති තෙවන විශාලතම ආදායම වන්නේද මැණික් ඇතුලු ඛනිජ සම්පත් අපනයන ආදායමයි.දේශීය වශයෙන් මැණික් වෙලදාමේ නිරත වන්නන් හට පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ සිට මැණික් අපනයනය කිරීමට අදාල ක්‍රියාපටිපාටිය කුමක්ද යන්නයි..

මෙම සමූහය පිහිටවීමේ මූලික අරමුණ වූයේද මැනික් අපනයනය සම්බන්ද දැනුම දේශීය අලෙවිකරුවන් හට සවිස්තරාත්මකව ලබාදීමයි..එම ක්‍රියාපටිපාටිය සවිස්තරාත්මකව ලිපිපෙලක් මගින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

ශ්‍රී ලංකාවේ මැණික් සම්බන්ධයෙන් බලතල දරණ ප්‍රධානතම ආයතනය වන්නේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි..ඊට අමතරව මැණික් අපනයන ක්‍රියාවලියේදී වැදගත් වන තවත් ආයතන කිහිපයක්ද ඇත.

එකී ආයතන මගින් වෙන් වෙන් වශයෙන් ලබාගත යුතු සහතික සහ බලපත්‍ර කිහිපයක්ද ඇත..ඒ සම්බන්ද සියලුම විස්තර සවිස්තරාත්මකව ඉදිරි ලිපි මගින් බලාපොරොත්තු වන්න..ඒ සම්බන්ධයෙන් ගැටලු තිබේනම් පහතින් සදහන් කරන ලෙසද ඉල්ලා සිටිමි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *