Exporting gems legally from Sri Lanka 02/නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 02

Before exporting gems from Sri Lanka to other countries, there are several steps that you must meet.

First of all, the main issues can be stated as follows.

01.Obtaining a business registration certificate
Here you can register as a sole proprietorship, a partnership or a limited company.

02.Obtaining Gem Trade License
This license certifies and registers you as a gem dealer with the Gems and Jewelery Authority.

  1. Obtaining tax identification number (TIN).
    This number is issued by the Inland Revenue Department
  2. Obtaining VAT certificate on value added
    This certificate is also issued by the Inland Revenue Department
  3. Registration with Sri Lanka Customs as an exporter

After fulfilling the above steps you can export gems with legal permission..I hope to explain all the steps in detail soon.

ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවල් වලට මැණික් අපනයනය කිරීමට ප්‍රථම ඔබ සපුරාලිය යුතු පියවර කිහිපයක් ඇත..එකී පියවරයන් සපුරාලීමේදී අදාල කරගත යුතු විශේශ කාරණා පිලිබදව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි..

ඊට ප්‍රථමයෙන් ප්‍රධාන කාරණා පියවරයන් වශයෙන් පහත පරිදි දැක්විය හැකිය..

01.ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීම
මෙහිදී ඔබට තනි පුද්ගල ව්‍යාපාරයක්,හවුල් ව්‍යාපාරයක් හෝ සීමාසහිත සමාගමක් වශයෙන් ලියාපදිංචිය සිදු කල හැක..අදාල තෝරාගැනීම ඔබගේ මූල්‍යමය හැකියාව,වගකීම් දැරීමේ හැකියාව ආදී කාරණා මත තීරණය වේ..

02.මැණික් වෙලඳ බලපත්‍රය ලබා ගැනීම
මෙම බලපත්‍රය මගින් ඔබ මැණික් අලෙවිකරුවෙකු වශයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සහතික කිරීම හා ලියාපදිංචි කිරීම සිදුවේ.

03.බදුගෙවන්නා හදුනාගැනීමේ අංකය tax identification number (TIN) ලබාගැනීම
මෙම අංකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබේ

04.එකතුකිරීමේ අගය මත බදු සහතිකය VAT certificate ලබා ගැනීම
මෙම සහතිකයද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබේ

  1. අපනයනකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වීම

ඉහත පියවරයන් සපුරාලීමෙන් පසුව ඔබට නීතිමය අවසරයක් සහිතව මැණික් අපනයනය සිදුකල හැකිය..සියලු පියවරයන් සවිස්තරාත්මකව ඉදිරියේදි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *