Exporting gems legally from Sri Lanka 04 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 04

Business brand business logo

Although this may not seem like an important issue, it is important to pay attention to this if you are running a business properly..because it will be very important for you after you expand your business. On the other hand, most people use business branding to develop their reputation. .

Before creating your business brand, it is important to choose a theme color that is suitable for your business. Then you can use that color in your packaging as well as in your social media campaigns.

When choosing a color, you can use it for business success by choosing colors in a way that is consistent with a field like color psychology.. Gems are often a luxury item, so it is important if you can choose luxury colors.. You can get the hex codes related to the colors.

In addition to all this, it is also important that the brand you create is simple..so that your customers can remember it quickly..

Also, it will be more successful if it can be created by focusing on matters such as the nature of the business activity, highlighting the business name.

And if you want, you can also register your business brand.

By running your business in a very orderly and professional manner, it will be easy for you to win a high price for your products as well as customer trust.

ව්‍යාපාර සන්නාමය business logo

මෙය වැදගත් කාරනාවක් වශයෙන් නොපෙනුනද  විධිමත් අයුරින් ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ නම් මේ පිලිබදව අවධානය යොමු කිරීම වැදගත් වේ..මක්නිසාද ඔබ ඔබගේ ව්‍යාපාරය පුලුල් කිරීමෙන් පසුව ඔබට එය බෙහෙවින් වැදගත් වනු ඇත.අනෙක් අතට බොහෝමයක් දෙනා තමන්ගේ කීර්තිනාමය වර්ධනය කර ගැනීම සදහා ව්‍යාපාර සන්නාමය භාවිතා කරයි..

ඔබගේ ව්‍යාපාර සන්නාමය සකසා ගැනීමට ප්‍රථමයෙන් ඔබගේ ව්‍යාපාර කටයුත්ත සදහා සුදුසු වන ආකාරයේ පසුබිම් වර්ණයක් theme colour තෝරා ගැනීමද වැදගත් වේ..එවිට ඔබගේ ඇසුරුම්කරණයේදී මෙන්ම සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වලදී එකී වර්ණය මුලික කරගත හැකිය.

වර්ණයක් තෝරා ගැනීමේදී ඔබට වර්ණ මනෝවිද්‍යාව වැනි ක්ශේත්‍රයකට අනුකූල වන ආකාරයෙන් වර්ණ තෝරා ගැනීම තුලින් ව්‍යාපාර සාර්ථකත්වය සදහා එය ඉවහල් කරගත හැකිය..බොහෝ විට මැණික් යනු සුඛෝපභෝගී භාණ්ඩයක් වන බැවින් සුඛෝපභෝගී වර්ණ (luxury colours) තෝරාගත හැකි නම් එය වැදගත් වේ..google භාවිතා කොට එම වර්ණ වලට අදාල hex කේතයන් ඔබට ලබාගත හැකි වේ..

මේ සියල්ලටම අමතරව ඔබ විසින් සකසා ගන්නා සන්නාමය සරල වීමද වැදගත් වේ..ඒ තුලින් ඔබගේ පාරිභෝගිකයින්ට එය ඉක්මනින් මතක තබාගත හැකි වේ..

එමෙන්ම ව්‍යාපාර කටයුත්තේ ස්වාභාවය, ව්‍යාපාර නාමය ඉස්මතු කරලීම වැනි කාරණා කෙරෙහිද අවධානය යොමු කරමින් එය නිර්මාණය කරගත හැකි නම් එය වඩාත් සාර්ථක වේ..

එමෙන්ම ඔබට අවශ්‍ය නම් ඔබගේ ව්‍යාපාර සන්නාමයද ලියාපදිංචි කර ගැනීමේ හැකියාව පවතී..

ඔබගේ ව්‍යාපාර කටයුතු ඉතාමත් පිලිවෙලකට සහ professional මට්ටමින් පවත්වාගෙන යාම තුලින් ඔබට ඔබගේ භාණ්ඩ සදහා ඉහල මිලක් මෙන්ම පාරිභෝගික විශ්වාසයද දිනා ගැනීමට පහසුවක් වනු ඇත..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *