Exporting gems legally from Sri Lanka 05 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 05

Obtaining a business registration certificate

After deciding on your business name and other details, the next step is to get a business registration certificate..mainly you can do your registration as a sole proprietorship, partnership or limited company..

If you are registering an individual business, you must first go to the Divisional Secretariat Offices where you are doing business..After that, you should meet the official who is doing the business registration there and get the application form for business registration.. After filling the relevant application form with your details and completing it, you can meet the village officer of the relevant area and get the necessary instructions.. Then the village officer or the divisional secretary. An official from the office will come and check your business and give the relevant approval.
By starting a sole proprietorship, you can get the following benefits.

  1. Legal matters are relatively simple.
  2. You can run business under your own name.
  3. It is not necessary to furnish annual accounts etc.
  4. Being able to run your own business.

Along with the aforementioned advantages, the following types of disadvantages are present in a sole proprietorship

  1. Takes responsibility up to his personal assets..
  2. You have to personally intervene in legal matters.

If you wish to register your business as a private company, you must register your business under the company registrar. If you register your business as a company, you can get the following advantages..
01 Getting high recognition for your business.
02 Being able to contact the investors and shareholders you need
03 Limitation of Liability.

When discussing the disadvantages here, the main disadvantage is the need to submit legal proceedings and accounting reports.
However, if you are preparing to export gems, it would be better to register your business as a limited company.
If you can get the help of a consultant to register a company, it will be easier.

ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීම

ඔබගේ ව්‍යාපාර නාමය සහ අනෙකුත් කරුණු තීරණය කල පසු මීලග පියවර වන්නේ ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමයි..මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඔබට තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හෝ සීමාසහිත සමාගමක් වශයෙන් ඔබගේ ලියාපදිංචිය සිදුකල හැක..

ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ නම් මුලින්ම ඔබ ව්‍යාපාර කටයුතු සිදුකරන ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලට යා යුතුය..ඉන් පසුව එහි සිටින ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන නිලධාරීතුමා මුණගැසී ව්‍යාපාර ලියාපදිංචියට අදාල ඉල්ලුම්පත්‍රය ලබාගත යුතුය..අදාල ඉල්ලුම්පත්‍රය ඔබගේ විස්තර සහිතව පුරවා සම්පූර්ණ කල පසු අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා හමුවී ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකිය..ඉන්පසුව ග්‍රාම නිලධාරී මහතා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලයේ නිලධාරී මහතෙකු පැමින ඔබගේ ව්‍යාපාරය පරීක්ෂා කර බලා අදාල අනුමැතිය ලබා දෙනු ඇත..
තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කිරීම මගින් පහත සදහන් වාසි ඔබට ලබාගත හැකි වේ..

  1. නීත්‍යානුකූල කටයුතු සාපේක්ෂව සරල වේ.
  2. ඔබගේ නමින්ම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා හැක.
  3. වාර්ශික ගිනුම් වාර්තා වැනි දෑ සැපයීම අත්‍යවශ්‍ය නොවේ.
  4. ඔබට තනිවම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා හැකිවීම..

ඉහත කී වාසි මෙන්ම පහත ආකාරයේ අවාසිද තනි පුද්ගල ව්‍යාපාරයක පවතී
01.තමන්ගේ පෞද්ගලික වත්කම් දක්වාම වගකීමට බැදේ..

  1. නීතිමය කටයුතු වලදී ඔබට පෞද්ගලිකවම මැදිහත් වීමට සිදුවේ..

ඔබ පෞද්ගලික සමාගමක් වශයෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කල යුතුය..ඔබ සමාගමක් වශයෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ නම් පහත සදහන් වාසි ඔබට ලබාගත හැකි වේ..
01 ඔබගේ ව්‍යාපාරයට සාපේක්ෂව ඉහල පිලිගැනීමක් ලැබීම.
02 ඔබට අවශ්‍ය ආයෝජන සහ කොටස් කරුවන් සම්බන්ධ කරගත හැකි වීම
03 වගකීම සීමාසහිත වීම.

මෙහි පවතින අවාසි ගැන සාකච්ඡා කිරීමේදී ප්‍රධානතම අවාසියක් ලෙස නීතිමය කටයුතු සහ ගිනුම් වාර්තා ඉදිරිපත් කිරීමට සිදුවීම දැක්විය හැකිය.
කෙසේ නමුත් ඔබ මැණික් අපනයනය සදහා සූදානම් වන්නේ නම් සීමාසහිත සමාගමක් වශයෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම වඩා සුදුසු වනු ඇත..
සමාගමක් ලියාපදිංචිය සදහා ඔබට උපදේශකයකුගේ සහය ලබාගත හැකි නම් එය වඩාත් පහසු වේ..විශේෂම කරුණ වන්නේ ඔබ එසේ සමාගමක් ලියාපදිංචි කිරීමේදී සමාගම් ව්‍යවස්ථාව තුල ඔබ මැණික් අපනයනය සිදු කරන බව පැහැදිලිව දැක්වීම වැදගත් වේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *