Aware of Exporting gems legally from Sri Lanka 06 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 06

Obtaining gems dealer license

After completing your business registration, you must obtain the gem marketing license under the registered name.

But since you are looking to export, it is better to get a license with the value of the stock being 20 lakhs or more.

For this, you can go to an office of Gems and Jewelry Authority in the relevant area and get the relevant application form. The task can be completed.

For this you have to pay some amount and it is decided on the value of the stock. Also this license is valid for a period of one year and after that you have to pay again and renew the license..

Then you will receive a letter with license number and a card with your photo. This can be used for your export activities as well as for local business activities..

මැණික් අලෙවිකරණ බලපත්‍රය ලබා ගැනීම (gem dealer license)

ඔබගේ ව්‍යාපාර ලියාපදිංචිය අවසන් කල පසු එම ලියාපදිංචි නාමය යටතේ මැණික් අලෙවිකරණ බලපත්‍රය ලබා ගැනීම සිදු කල යුතුය..එම බලපත්‍රය ලබා ගැනීමේදී ඔබ සතුව තබා ගැනීමට අවශ්‍ය තොගයේ වටිනාකම අනුව ඔබට එය ඉල්ලුම් කල හැකිය..

නමුත් ඔබ අපනයනය කිරීමට බලාපොරොත්තු වන නිසා තොගයේ වටිනාකම ලක්ශ 20 වැනි ප්‍රමාණයක් හෝ ඊට වැඩි වටිනාකමක් සහිත බලපත්‍රයක් ලබා ගැනීම වඩා යෝග්‍ය වේ.

මේ සදහා අදාල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්‍යයාලයක් වෙත ගොස් අදාල ඉල්ලුම්පත්‍රයක් ලබා ගත හැකි වේ..සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය සමග ඔබගේ ජායාරූපයක්,ග්‍රාම නිලධාරී සහතිකයක්,ජාතික හැදුනුම්පතේ පිටපතක්,ව්‍යාපාර ලියාපදිංචි සහතිකය සහ පොලිස් වාර්තාවක් (අවශ්‍ය යැයි කිවහොත් පමනක්) ලබා දී ඔබගේ කටයුත්ත සම්පූර්ණ කරගත හැකිය..

මේ සදහා ඔබට යම් මුදලක් ගෙවීමට සිදුවන අතර එය තොගයේ වටිනාකම මත තීරණය වේ..එමෙන්ම මෙම බලපත්‍රය වසරක කාලයක් සදහා වලංගු වන අතර ඉන්පසුව නැවත මුදලක් ගෙවා බලපත්‍රය අලුත් කරගැනීමට සිදුවේ..

ඉන්පසුව ඔබට බලපත්‍ර අංකය සහිත ලිපියක් සහ ඔබගේ ජායාරූපය සහිත කාඩ්පතක් හිමිවේ..මෙය ඔබගේ අපනයන කටයුතු සදහා මෙන්ම දේශීය ව්‍යාපාරික කටයුතු සදහාද භාවිතා කල හැක..

Obtaining gem dealer license

After completing your business registration, you must obtain the gem marketing license under the registered name.

But since you are looking to export, it is better to get a license with the value of the stock being 20 lakhs or more.

For this, you can go to an office of Gems and Jewelery Authority in the relevant area and get the relevant application form. The task can be completed.

For this you have to pay some amount and it is decided on the value of the stock..Also this license is valid for a period of one year and after that you have to pay again and renew the license..

Then you will receive a letter with license number and a card with your photo..This can be used for your export activities as well as for local business activities..

මැණික් අලෙවිකරණ බලපත්‍රය ලබා ගැනීම (gem dealer license)

ඔබගේ ව්‍යාපාර ලියාපදිංචිය අවසන් කල පසු එම ලියාපදිංචි නාමය යටතේ මැණික් අලෙවිකරණ බලපත්‍රය ලබා ගැනීම සිදු කල යුතුය..එම බලපත්‍රය ලබා ගැනීමේදී ඔබ සතුව තබා ගැනීමට අවශ්‍ය තොගයේ වටිනාකම අනුව ඔබට එය ඉල්ලුම් කල හැකිය..

නමුත් ඔබ අපනයනය කිරීමට බලාපොරොත්තු වන නිසා තොගයේ වටිනාකම ලක්ශ 20 වැනි ප්‍රමාණයක් හෝ ඊට වැඩි වටිනාකමක් සහිත බලපත්‍රයක් ලබා ගැනීම වඩා යෝග්‍ය වේ.

මේ සදහා අදාල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්‍යයාලයක් වෙත ගොස් අදාල ඉල්ලුම්පත්‍රයක් ලබා ගත හැකි වේ..සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය සමග ඔබගේ ජායාරූපයක්,ග්‍රාම නිලධාරී සහතිකයක්,ජාතික හැදුනුම්පතේ පිටපතක්,ව්‍යාපාර ලියාපදිංචි සහතිකය සහ පොලිස් වාර්තාවක් (අවශ්‍ය යැයි කිවහොත් පමනක්) ලබා දී ඔබගේ කටයුත්ත සම්පූර්ණ කරගත හැකිය..

මේ සදහා ඔබට යම් මුදලක් ගෙවීමට සිදුවන අතර එය තොගයේ වටිනාකම මත තීරණය වේ..එමෙන්ම මෙම බලපත්‍රය වසරක කාලයක් සදහා වලංගු වන අතර ඉන්පසුව නැවත මුදලක් ගෙවා බලපත්‍රය අලුත් කරගැනීමට සිදුවේ..

ඉන්පසුව ඔබට බලපත්‍ර අංකය සහිත ලිපියක් සහ ඔබගේ ජායාරූපය සහිත කාඩ්පතක් හිමිවේ..මෙය ඔබගේ අපනයන කටයුතු සදහා මෙන්ම දේශීය ව්‍යාපාරික කටයුතු සදහාද භාවිතා කල හැක..

export gems

https://www.facebook.com/share/p/wjq1pXQxX1wU1rUq

https://ceylonbeads.com/home/gemstones

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× Whatsapp Us!