Exporting gems legally from Sri Lanka 10 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 10

If you have completed all the steps as discussed in the previous articles, I think you have roughly got the knowledge related to exporting gems legally..
After this you have to look into finding a buyer.. Before all these steps you need to have knowledge about gems…

There are several steps you can take to find buyers.

  1. Finding buyers online
    Here you can find the level of buyers suitable for your business through special websites that provide buyers.. Examples of this are websites like tradewheel.com and go4worldbusiness.com.. You can register as a seller under this website. ..first you can connect with buyers without spending any money..but there are some limitations..you can avail the services by paying some fee yearly or monthly to get unlimited benefits..
  2. Connecting with Sri Lankans abroad..
    You can export your gems to your friends or a trusted person abroad and find buyers through them.
  3. Finding buyers through your social media campaigns..
    It is possible to find buyers by following creative and attractive promotional methods in social networking sites like Facebook, whatsapp, tiktok, youtube related to your company.
  4. Doing email promotion..
    Sending messages to buyers via email

පසුගිය ලිපි වලින් සාකච්ඡා කල පරිදි ඔබ සියලුම පියවරයන් සම්පූර්ණ කර ඇත්නම් ඔබට නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම සම්බන්ධ දැනුම දල වශයෙන් ලැබී ඇතැයි සිතමි..
මින් පසුව ඔබ සොයාබැලිය යුත්තේ ගැනුම්කරුවෙකු සොයා ගැනීම සම්බන්ධවයි..මෙම සියලු පියවරයන්ට ප්‍රථම ඔබ සතුව මැණික් පිලිබදව දැනුමක් තිබීමද අත්‍යවශ්‍ය වේ…

ඔබට ගැනුම්කරුවන් සොයා ගැනීම සදහා අනුගමනය කල හැකි පියවරයන් කිහිපයක් ඇත..

  1. අන්තර්ජාලය ඔස්සේ ගැනුම්කරුවන් සොයා ගැනීම
    මෙහිදී ඔබට ගැනුම්කරුවන් සපයා දෙනු ලබන විශේශ වෙබ් අඩවි හරහා ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන මට්ටමේ ගැනුම්කරුවන් සොයාගත හැකි වේ..මේ සදහා නිදසුන් වශයෙන් tradewheel.com සහ go4worldbusiness.com වැනි වෙබ් අඩවි හදුන්වා දිය හැකිය..ඔබට මෙම වෙබ් අඩවිය යටතේ විකුනුම්කරුවෙකු වශයෙන් ලියාපදිංචි විය හැකි වේ..මුලින්ම ඔබට කිසිදු මුදලක් වියදම් නොකරම ගැනුම්කරුවන් හා සම්බන්ධ විය හැකිය..නමුත් ඒ සදහා යම් යම් සීමාවන් පවතී..ඔබට අසීමිත ප්‍රතිලාභ ලබා ගැනීම සදහා වාර්ශිකව හෝ මාසික වශයෙන් යම් ගාස්තුවක් ගෙවා එම සේවා ලබාගත හැකි වේ..

02.පිටරට සිටින ශ්‍රී ලාංකිකයින් හා සම්බන්ධ වීම..
විදේශගතව සිටින ඔබගේ හිතවතුන් හෝ විශ්වාවන්ත පුද්ගලයකුට ඔබ සතුව ඇති මැණික් අපනයනය කොට ඔවුන් මාර්ගයෙන් ඔබට ගැනුම්කරුවන් සොයා ගැනීම කල හැකි වේ..
03.ඔබගේ සමාජ් මාධ්‍ය ප්‍රචාරණ ඔස්සේ ගැනුම්කරුවන් සොයා ගැනීම..
ඔබගේ ආයතනයට අදාලව Facebook,whatsapp,tiktok,youtube වැනි සමාජ ජාලා වෙබ් අඩවි තුල නිර්මාණාත්මක සහ ආකර්ෂණීය ආකාරයේ ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කරමින් ගැනුම්කරුවන් සොයාගැනීම සිදු කල හැකි වේ..

04.e mail promotion සිදු කිරීම..
Email හරහා ගැනුම්කරුවන්ට පණිවුඩ යැවීම

Exporting gems legally from Sri Lanka 09 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 09

After arranging all the things as discussed in previous articles, you can start exporting gems.

After finding a foreign buyer for the gems you have, what you need to do is to go to an office of the Gems and Jewelery Authority that carries out export operations. If someone is near Ratnapura, it is possible to carry out export work from Ratnapura office.. Export work is done from Ratnapura office only on Wednesdays..

After confirming the price and address of your buyer, you need to find a Wharf Clerk..He will do all your paperwork..For that you have to pay him an amount as clearing fees and the amount varies according to the clearing agent..

For example, if you export from the Ratnapura office, you will have to spend approximately 10,000/= for that.

Also, when exporting gemstones, it is mandatory to export by EMS method and for that Sri Lanka postal charges are applicable.

Considering the above, you will have to pay the following fees for export.

Clearing fees
Delivery/EMS charges
Insurance charges
Charges of Gems and Jewelery Authority
Certificate (only if requested by buyer)

These charges depend on the country you wish to export to..the value of the stone..the buyer’s details will vary with me..

පසුගිය ලිපි පෙලින් සාකච්ඡා කල ආකාරයට සියලු දේවල් සපයා ගත් පසුව ඔබට මැණික් අපනයනය කිරීම ආරම්භ කල හැකි වේ..

ඔබ සතුව ඇති මැණික් සදහා විදේශීය ගැනුම්කරුවෙකු සොයාගත් පසුව ඔබ සිදුකල යුත්තේ අපනයන කටයුතු සිදු කරන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්‍යයාලයක් වෙත යාමයි..උදාහරණයක් වශයෙන් ඔබ කොලඹ අවට සිටින අයෙක් නම් කොළඹ පිහිටි Gem export unit වෙත ගොස් ඔබගේ අපනයන කටයුතු සිදු කල හැකි වේ..ඔබ රත්නපුර ආසන්නයේ අයෙකු නම් රත්නපුර කාර්‍යයාලයෙන් අපනයන කටයුතු සිදු කිරීමේ හැකියාව ඇත..රත්නපුර කාර්‍යයාලයෙන් අපනයන කටයුතු සිදු කරන්නේ බදාදා දින වල පමණි..

ඔබගේ ගැනුම්කරුගේ මිල සහ ලිපිනය ආදී තොරතුරු ස්ථීර කරගත් පසුව ඔබ වාප්පු ලිපිකරුවෙකු සොයා ගත යුතුය..ඔහු විසින් ඔබගේ සියලු ලිපිලේඛන කටයුතු සිදුකර දෙනු ලැබේ..ඒ සදහා ඔහුට clearing fees ලෙස මුදලක් ගෙවිය යුතු වන අතර එම මුදල clearing agent අනුව වෙනස් වේ..

උදාහරණයක් වශයෙන් ඔබ රත්නපුර කාර්‍යයාලයෙන් අපනයන කටයුතු සිදු කරන්නේ නම් ආසන්න වශයෙන් ඔබට 10 000/= ක පමණ මුදලක් ඒ සදහා දැරීමට සිදුවේ..

එමෙන්ම මැණික් අපනයනයේදී EMS ක්‍රමයට අපනයනය කිරීම අනිවාර්ය වන අතර ඒ සදහා ශ්‍රී ලංකා තැපැල් ගාස්තු අදාල වේ..

ඉහත සදහන් ආකාරයට සලකා බැලීමේදී පහත ආකාරයේ ගාස්තු අපනයයේදී ඔබට ගෙවීමට සිදුවේ..

Exporting gems legally from Sri Lanka 08 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 08

Registration at Sri Lanka Customs..
The easiest way for this is to register online..here you must register as an exporter…

For this you must first provide the following documents..

  1. GS form 01 & 02
    This form should be downloaded from the Customs website and certified by the local Village Officer and the Divisional Secretary.. One form should be certified by the directors of the company and the other by the company.
  2. Business Registration Certificate

03.TIN Certificate

04.VAT Certificate

  1. Form 01
  2. An electricity bill related to the registered address of the institution
  3. The deed or lease agreement related to the registered address of the institution
  4. Last month’s bill of the phone
  5. Names and addresses of directors
  6. Copies of National Identity Card of Directors
  7. Signatures of Directors
  8. Passport size photographs of directors
  9. A confirmation of telephone service of directors.. (mobile ownership confirmation)
    You can get this through your phone client.
  10. Photos of your company
  11. Route map (google map) from the institution to Lagama city
  12. Bank Account Details
  13. Institution’s electronic address (email)

After obtaining the above documents, you can get the scanned copies of those documents and upload them to the respective website.

All instructions required to complete the relevant form are given on the Sri Lanka Customs website.

After completing all this, you can activate your registration by calling the phone number of Sri Lanka Customs.

The related link is given below and through that you can do all the things..

The following link can be used for Sri Lanka Customs registration.

https://ereg.customs.gov.lk/registrations/login

ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වීම..
මේ සදහා වඩාත් පහසුම ක්‍රමය වන්නේ ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීමයි..මෙහිදී ඔබ අපනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වේ…

මේ සදහා ඔබ මුලින්ම පහත සදහන් ලියකියවිලි සපයාගත යුතු වේ..

01.GS form 01 & 02
මෙම පෝරමය රේගුවේ වෙබ් අඩවිය ඔස්සෙ බාගත කරගෙන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතාගෙන් සහ ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් සහතික කරගත යුතු වේ..මෙහි එක් පෝරමයක් ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ටත් අනෙක් පෝරමය ආයතනය සදහාත් වශයෙන් සහතික කරගත යුතු වේ..මෙය සරලවම ගතහොත් පදිංචිය සනාථ කිරීමකට සමාන වේ..

02.ව්‍යාපාර ලියාපදිංචි සහතිකය

03.TIN සහතිකය

04.VAT සහතිකය

  1. Form 01

06.ආයතනයේ ලියාපදිංචි ලිපිනයට අදාල විදුලි බිල්පතක්

07.ආයතනයේ ලියාපදිංචි ලිපිනයට අදාල ඔප්පුව හෝ කල්බදු ගිවිසුම

08.දුරකථනයේ අවසන් මාසයේ බිල්පත

09.අධ්‍යක්ෂකවරුන්ගේ නම් සහ ලිපිනයන්

10.අධ්‍යක්ෂකවරුන්ගේ ජාතික හැදුනුම්පතේ පිටපත්

  1. අධ්‍යක්ෂකවරුන්ගේ අත්සන්

12.අධ්‍යක්ෂකවරුන්ගේ පාස්පෝට් ප්‍රමාණයේ ජායාරූප

13.අධ්‍යක්ෂකවරුන්ගේ දුරකථන සේවා සහතික කිරීමක්..(mobile ownership confirmation)
මෙය ඔබට ඔබගේ දුරකථන සේවාදායකයා හරහා ලබාගත හැකි වේ..

  1. ඔබගේ ආයතනයේ ජායාරූප

15.ආයතනයේ සිට ලගම නගරයට ලගාවිය හැකි මාර්ග සිතියම (google map)

16.බැංකු ගිනුම් විස්තර

17.ආයතනයේ විද්‍යුත් ලිපිනය (email)

ඉහත ලියකියවිලි සපයා ගත් පසුව එම ලියකියවිලි වල ස්කෑන් පිටපත් ලබාගෙන ඔබට ඒවා අදාල වෙබ් අඩවියට ගොස් උඩුගතකල හැක..

අදාල පෝරමය සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලුම උපදෙස් ශ්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවිය තුල දක්වා ඇත..

මේ සියල්ල සම්පූර්ණ කල පසුව ශ්‍රී ලංකා රේගුවේ දුරකථන අංකයට අමතා ඔබගේ ලියාපදිංචිය active කරගත හැකි වේ..

ඊට අදාල link එක පහතින් දක්වා ඇති අතර එමගින් ඔබට සියලු දේ සිදුකල හැකි වේ..

ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචිය සදහා පහත ලින්ක් එක යොදාගත හැක.

https://ereg.customs.gov.lk/registrations/login

Exporting gems legally from Sri Lanka 07 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 07

Obtaining a Taxpayer Identification Number (TIN)

After registering your business and obtaining the gem marketing license under the business name, it is mandatory for you to register with the Inland Revenue Department.. for that you have to get a TIN number..

After submitting the documents related to the business, you will be able to get this number. This number will be used to identify you when paying taxes.

After getting the TIN number you also have to get a VAT number related to it.. Here you can get a permanent VAT number or a temporary VAT number. .

To obtain a VAT number, you must submit the TIN number, your gem trade license, an invoice with the details you wish to export, as well as documents related to the business.

Because you get a temporary VAT number, you can get it for a period of 06 months or for a period of one year.

After completing the above matters, it is necessary to register with the Sri Lanka Customs.. I hope to discuss the process in detail in the next article..

බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකයක් ලබා ගැනීම (TIN)

ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කොට ව්‍යාපාර නාමය යටතේ මැණික් අලෙවිකරණ බලපත්‍රය ලබා ගත් පසු ඔබට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ..ඒ සදහා ඔබට TIN අංකයක් ලබා ගැනීමට සිදුවේ..

ව්‍යාපාරයට අදාල ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ඔබට මෙම අංකය ලබාගත හැකි වේ..මේ මගින් ඔබ බදු ගෙවීමේදි ඔබව හැදින්වීමට යොදාගන්නා අංකය ලබාදීම සිදුකෙරේ..

TIN අංකය ලබා ගැනීමෙන් පසුව ඔබට ඊට අදාලව VAT අංකයක් ලබා ගැනීමටද සිදුවේ..මෙහිදී ඔබට permanent VAT හෙවත් ස්ථීර VAT අංකයක් හෝ temporary VAT හෙවත් තාවකාලික VAT අංකයක් ලබා ගත හැක..ඔබ ආධුනික වශයෙන් ව්‍යාපාරයට යොමු වන නිසා ඔබට ලබා ගත හැක්කේ temporary VAT අංකයක් වේ.

VAT අංකයක් ලබා ගැනීම සදහා ඔබ TIN අංකය,ඔබගේ මැණික් වෙලද බලපත්‍රය,ඔබ අපනයනය කිරීමට බලාපොරොත්තු වන විස්තර සහිත ඉන්වොයිසියක් මෙන්ම ව්‍යාපාරයට අදාල ලිපිලේඛන ඉදිරිපත් කල යුතු වේ..

ඔබ temporary VAT අංකයක් ලබා ගන්නා නිසා එය ඔබට මාස 06ක කාලයකට හෝ අවුරුද්දක කාලයක් සදහා වශයෙන් ලබා ගත හැකි වේ..මෙහිදී බොහෝ විට සුදුසු වන්නේ අවුරුද්දක කාලයක් සදහා වලංගු වන VAT අංකයක් ලබා ගැනීමයි..

ඉහත කාරණා සම්පූර්ණ කර ගත් පසුව ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වීම අවශ්‍ය වේ..එම ක්‍රියාවලිය පිලිබදව සවිස්තරාත්මකව මීලග ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි..

Exporting gems legally from Sri Lanka 06 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 06

Obtaining gem dealer license

After completing your business registration, you must obtain the gem marketing license under the registered name.

But since you are looking to export, it is better to get a license with the value of the stock being 20 lakhs or more.

For this, you can go to an office of Gems and Jewelery Authority in the relevant area and get the relevant application form. The task can be completed.

For this you have to pay some amount and it is decided on the value of the stock..Also this license is valid for a period of one year and after that you have to pay again and renew the license..

Then you will receive a letter with license number and a card with your photo..This can be used for your export activities as well as for local business activities..

මැණික් අලෙවිකරණ බලපත්‍රය ලබා ගැනීම (gem dealer license)

ඔබගේ ව්‍යාපාර ලියාපදිංචිය අවසන් කල පසු එම ලියාපදිංචි නාමය යටතේ මැණික් අලෙවිකරණ බලපත්‍රය ලබා ගැනීම සිදු කල යුතුය..එම බලපත්‍රය ලබා ගැනීමේදී ඔබ සතුව තබා ගැනීමට අවශ්‍ය තොගයේ වටිනාකම අනුව ඔබට එය ඉල්ලුම් කල හැකිය..

නමුත් ඔබ අපනයනය කිරීමට බලාපොරොත්තු වන නිසා තොගයේ වටිනාකම ලක්ශ 20 වැනි ප්‍රමාණයක් හෝ ඊට වැඩි වටිනාකමක් සහිත බලපත්‍රයක් ලබා ගැනීම වඩා යෝග්‍ය වේ.

මේ සදහා අදාල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්‍යයාලයක් වෙත ගොස් අදාල ඉල්ලුම්පත්‍රයක් ලබා ගත හැකි වේ..සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය සමග ඔබගේ ජායාරූපයක්,ග්‍රාම නිලධාරී සහතිකයක්,ජාතික හැදුනුම්පතේ පිටපතක්,ව්‍යාපාර ලියාපදිංචි සහතිකය සහ පොලිස් වාර්තාවක් (අවශ්‍ය යැයි කිවහොත් පමනක්) ලබා දී ඔබගේ කටයුත්ත සම්පූර්ණ කරගත හැකිය..

මේ සදහා ඔබට යම් මුදලක් ගෙවීමට සිදුවන අතර එය තොගයේ වටිනාකම මත තීරණය වේ..එමෙන්ම මෙම බලපත්‍රය වසරක කාලයක් සදහා වලංගු වන අතර ඉන්පසුව නැවත මුදලක් ගෙවා බලපත්‍රය අලුත් කරගැනීමට සිදුවේ..

ඉන්පසුව ඔබට බලපත්‍ර අංකය සහිත ලිපියක් සහ ඔබගේ ජායාරූපය සහිත කාඩ්පතක් හිමිවේ..මෙය ඔබගේ අපනයන කටයුතු සදහා මෙන්ම දේශීය ව්‍යාපාරික කටයුතු සදහාද භාවිතා කල හැක..

Exporting gems legally from Sri Lanka 05 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 05

Obtaining a business registration certificate

After deciding on your business name and other details, the next step is to get a business registration certificate..mainly you can do your registration as a sole proprietorship, partnership or limited company..

If you are registering an individual business, you must first go to the Divisional Secretariat Offices where you are doing business..After that, you should meet the official who is doing the business registration there and get the application form for business registration.. After filling the relevant application form with your details and completing it, you can meet the village officer of the relevant area and get the necessary instructions.. Then the village officer or the divisional secretary. An official from the office will come and check your business and give the relevant approval.
By starting a sole proprietorship, you can get the following benefits.

  1. Legal matters are relatively simple.
  2. You can run business under your own name.
  3. It is not necessary to furnish annual accounts etc.
  4. Being able to run your own business.

Along with the aforementioned advantages, the following types of disadvantages are present in a sole proprietorship

  1. Takes responsibility up to his personal assets..
  2. You have to personally intervene in legal matters.

If you wish to register your business as a private company, you must register your business under the company registrar. If you register your business as a company, you can get the following advantages..
01 Getting high recognition for your business.
02 Being able to contact the investors and shareholders you need
03 Limitation of Liability.

When discussing the disadvantages here, the main disadvantage is the need to submit legal proceedings and accounting reports.
However, if you are preparing to export gems, it would be better to register your business as a limited company.
If you can get the help of a consultant to register a company, it will be easier.

ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීම

ඔබගේ ව්‍යාපාර නාමය සහ අනෙකුත් කරුණු තීරණය කල පසු මීලග පියවර වන්නේ ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමයි..මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඔබට තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හෝ සීමාසහිත සමාගමක් වශයෙන් ඔබගේ ලියාපදිංචිය සිදුකල හැක..

ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ නම් මුලින්ම ඔබ ව්‍යාපාර කටයුතු සිදුකරන ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලට යා යුතුය..ඉන් පසුව එහි සිටින ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන නිලධාරීතුමා මුණගැසී ව්‍යාපාර ලියාපදිංචියට අදාල ඉල්ලුම්පත්‍රය ලබාගත යුතුය..අදාල ඉල්ලුම්පත්‍රය ඔබගේ විස්තර සහිතව පුරවා සම්පූර්ණ කල පසු අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා හමුවී ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකිය..ඉන්පසුව ග්‍රාම නිලධාරී මහතා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලයේ නිලධාරී මහතෙකු පැමින ඔබගේ ව්‍යාපාරය පරීක්ෂා කර බලා අදාල අනුමැතිය ලබා දෙනු ඇත..
තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කිරීම මගින් පහත සදහන් වාසි ඔබට ලබාගත හැකි වේ..

  1. නීත්‍යානුකූල කටයුතු සාපේක්ෂව සරල වේ.
  2. ඔබගේ නමින්ම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා හැක.
  3. වාර්ශික ගිනුම් වාර්තා වැනි දෑ සැපයීම අත්‍යවශ්‍ය නොවේ.
  4. ඔබට තනිවම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යා හැකිවීම..

ඉහත කී වාසි මෙන්ම පහත ආකාරයේ අවාසිද තනි පුද්ගල ව්‍යාපාරයක පවතී
01.තමන්ගේ පෞද්ගලික වත්කම් දක්වාම වගකීමට බැදේ..

  1. නීතිමය කටයුතු වලදී ඔබට පෞද්ගලිකවම මැදිහත් වීමට සිදුවේ..

ඔබ පෞද්ගලික සමාගමක් වශයෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කල යුතුය..ඔබ සමාගමක් වශයෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ නම් පහත සදහන් වාසි ඔබට ලබාගත හැකි වේ..
01 ඔබගේ ව්‍යාපාරයට සාපේක්ෂව ඉහල පිලිගැනීමක් ලැබීම.
02 ඔබට අවශ්‍ය ආයෝජන සහ කොටස් කරුවන් සම්බන්ධ කරගත හැකි වීම
03 වගකීම සීමාසහිත වීම.

මෙහි පවතින අවාසි ගැන සාකච්ඡා කිරීමේදී ප්‍රධානතම අවාසියක් ලෙස නීතිමය කටයුතු සහ ගිනුම් වාර්තා ඉදිරිපත් කිරීමට සිදුවීම දැක්විය හැකිය.
කෙසේ නමුත් ඔබ මැණික් අපනයනය සදහා සූදානම් වන්නේ නම් සීමාසහිත සමාගමක් වශයෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම වඩා සුදුසු වනු ඇත..
සමාගමක් ලියාපදිංචිය සදහා ඔබට උපදේශකයකුගේ සහය ලබාගත හැකි නම් එය වඩාත් පහසු වේ..විශේෂම කරුණ වන්නේ ඔබ එසේ සමාගමක් ලියාපදිංචි කිරීමේදී සමාගම් ව්‍යවස්ථාව තුල ඔබ මැණික් අපනයනය සිදු කරන බව පැහැදිලිව දැක්වීම වැදගත් වේ..

Exporting gems legally from Sri Lanka 04 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 04

Business brand business logo

Although this may not seem like an important issue, it is important to pay attention to this if you are running a business properly..because it will be very important for you after you expand your business. On the other hand, most people use business branding to develop their reputation. .

Before creating your business brand, it is important to choose a theme color that is suitable for your business. Then you can use that color in your packaging as well as in your social media campaigns.

When choosing a color, you can use it for business success by choosing colors in a way that is consistent with a field like color psychology.. Gems are often a luxury item, so it is important if you can choose luxury colors.. You can get the hex codes related to the colors.

In addition to all this, it is also important that the brand you create is simple..so that your customers can remember it quickly..

Also, it will be more successful if it can be created by focusing on matters such as the nature of the business activity, highlighting the business name.

And if you want, you can also register your business brand.

By running your business in a very orderly and professional manner, it will be easy for you to win a high price for your products as well as customer trust.

ව්‍යාපාර සන්නාමය business logo

මෙය වැදගත් කාරනාවක් වශයෙන් නොපෙනුනද  විධිමත් අයුරින් ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ නම් මේ පිලිබදව අවධානය යොමු කිරීම වැදගත් වේ..මක්නිසාද ඔබ ඔබගේ ව්‍යාපාරය පුලුල් කිරීමෙන් පසුව ඔබට එය බෙහෙවින් වැදගත් වනු ඇත.අනෙක් අතට බොහෝමයක් දෙනා තමන්ගේ කීර්තිනාමය වර්ධනය කර ගැනීම සදහා ව්‍යාපාර සන්නාමය භාවිතා කරයි..

ඔබගේ ව්‍යාපාර සන්නාමය සකසා ගැනීමට ප්‍රථමයෙන් ඔබගේ ව්‍යාපාර කටයුත්ත සදහා සුදුසු වන ආකාරයේ පසුබිම් වර්ණයක් theme colour තෝරා ගැනීමද වැදගත් වේ..එවිට ඔබගේ ඇසුරුම්කරණයේදී මෙන්ම සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වලදී එකී වර්ණය මුලික කරගත හැකිය.

වර්ණයක් තෝරා ගැනීමේදී ඔබට වර්ණ මනෝවිද්‍යාව වැනි ක්ශේත්‍රයකට අනුකූල වන ආකාරයෙන් වර්ණ තෝරා ගැනීම තුලින් ව්‍යාපාර සාර්ථකත්වය සදහා එය ඉවහල් කරගත හැකිය..බොහෝ විට මැණික් යනු සුඛෝපභෝගී භාණ්ඩයක් වන බැවින් සුඛෝපභෝගී වර්ණ (luxury colours) තෝරාගත හැකි නම් එය වැදගත් වේ..google භාවිතා කොට එම වර්ණ වලට අදාල hex කේතයන් ඔබට ලබාගත හැකි වේ..

මේ සියල්ලටම අමතරව ඔබ විසින් සකසා ගන්නා සන්නාමය සරල වීමද වැදගත් වේ..ඒ තුලින් ඔබගේ පාරිභෝගිකයින්ට එය ඉක්මනින් මතක තබාගත හැකි වේ..

එමෙන්ම ව්‍යාපාර කටයුත්තේ ස්වාභාවය, ව්‍යාපාර නාමය ඉස්මතු කරලීම වැනි කාරණා කෙරෙහිද අවධානය යොමු කරමින් එය නිර්මාණය කරගත හැකි නම් එය වඩාත් සාර්ථක වේ..

එමෙන්ම ඔබට අවශ්‍ය නම් ඔබගේ ව්‍යාපාර සන්නාමයද ලියාපදිංචි කර ගැනීමේ හැකියාව පවතී..

ඔබගේ ව්‍යාපාර කටයුතු ඉතාමත් පිලිවෙලකට සහ professional මට්ටමින් පවත්වාගෙන යාම තුලින් ඔබට ඔබගේ භාණ්ඩ සදහා ඉහල මිලක් මෙන්ම පාරිභෝගික විශ්වාසයද දිනා ගැනීමට පහසුවක් වනු ඇත..

Exporting gems legally from Sri Lanka 03 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 03

The first thing you should do is to suggest a suitable name for your business.. Here the main thing you should be concerned about is that your business is an international business.. Therefore, having a name that can be easily pronounced by customers of all countries is very important in expanding your business..

And another thing that you should pay attention to is the inclusion of words that are frequently used in searches on websites in your business name. For example, when a person from abroad wants to buy a gem, he often does Ceylon Gems, Gems from Sri Lanka, Searching the internet using words like Precious stones sellers..where such words are included in your business name is an additional advantage for you.

In addition to this, domain availability can be mentioned as one more special issue.. When expanding your business, it is mandatory for you to prepare a website under the business name.. There you have to create the website with the business name or a similar name.. You have to buy that name for the website..for example if you register a business called ceylon gems in your website design ceylon gems. lk and ceylon gems. Domain names like com have to be purchased..Then you have to buy that name for your website..for example if you register a business called ceylon gems in your website design ceylon gems. lk and ceylon gems. You have to buy domain names like com..if someone has already bought that name, you will be blocked from buying it..or you will have to pay a high amount for it..

Before choosing your business name, you can visit a website like godaddy.com and check if the domain related to your business name is available.
If you are looking to get a .lk name, it will cost you approximately 5000-10000 rupees per year.

Apart from this, the next thing you need to focus on is who is your intended customer group..These groups can be simply classified as foreign wholesale buyers, foreign gem dealers, jewelry manufacturers or end consumers..
In addition, if you expect to do your business at a high luxury level, your business name should be in line with that.
Eg: cartier, louis vuitton, rolex

Apart from this, you can make your business name in your favor by paying attention to the following points
*Being simple
*Ease of pronunciation
*Being short
*Easy to remember
*Feeling that gem related business

It may be difficult for you to meet all the above matters, but depending on the amount of matters you meet, you can use the business name for the success of your business.

ඔබ ප්‍රථමයෙන්ම සිදුකල යුත්තේ ඔබගේ ව්‍යාපාරයට සුදුසු නමක් යෝජනා කර ගැනීමයි..මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කාරණය වන්නේ ඔබගේ ව්‍යාපාරය ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරයක් බවයි..එබැවින් සියලු රටවල පාරිභෝගිකයින්ට සරලව උච්චාරණය කල හැකි නමක් තිබීම ඔබගේ ව්‍යාපාරය පුලුල් කිරීමේදී ඉතාමත් වැදගත් වේ..

එමෙන්ම ඔබගේ අවධානය යොමු කල යුතු තවත් කාරණයක් වන්නේ වෙබ් අඩවි තුල සෙවුම් වලදී නිතර භාවිතා වන වචන ඔබගේ ව්‍යාපාර නාමයට ඇතුලත් කිරීම සම්බන්ධවයි..උදාහරණයක් වශයෙන් පිටරටක සිටින පුද්ගලයකුට මැණිකක් මිලදී ගැනීමට අවශ්‍ය වූ විට ඔහු බොහෝ විට සිදු කරන්නේ Ceylon Gems, Gems from Sri Lanka, Precious stones sellers වැනි වචන භාවිතා කොට අන්තර්ජාලය පිරික්සීමයි..එහිදී ඔබගේ ව්‍යාපාර නාමය තුල එවැනි වචන ඇතුලත් වීම් ඔබට අතිරේක වාසියකි.

මීට අමතරව තවත් එක් සුවිශේෂී කාරණයක් වශයෙන් domain availability දැක්විය හැකිය..ඔබගේ ව්‍යාපාරය පුලුල් කිරීමේදී ඔබට ව්‍යාපාර නාමය යටතේ පවතින වෙබ් අඩවියක් සකස් කර ගැනීම අනිවාර්ය කාරනයකි..එහිදී ඔබට ව්‍යාපාර නාමය හෝ ඊට සමාන නමක් සහිතව වෙබ් අඩවිය නිර්මාණය කිරීමට සිදුවේ..එවිට ඔබට ඔබගේ වෙබ් අඩවිය සදහා එම නාමය මිලදි ගැනීමට සිදුවේ..උදාහරණයක් වශයෙන් ඔබ ceylon gems නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කලහොත් ඔබගේ වෙබ් අඩවිය නිර්මාණයේදී ceylon gems . lk හා ceylon  gems . com වැනි ඩොමේන් නාමයන් මිලදී ගැනීමට සිදුවේ..එම නාමයන් දැනටමත් කවුරුන් හෝ මිලදීගෙන තිබුන හොත් ඔබට එය මිලදී ගැනීමේ හැකියාව අවහිර වේ..එසේත් නැතිනම් ඔබට ඒ සදහා ඉහල මුදලක් ගෙවීමට සිදුවේ..

ඔබගේ ව්‍යාපාර නාමය තෝරාගැනීමට ප්‍රථම godaddy.com වැනි වෙබ් අඩවියකට පිවිස ඔබගේ ව්‍යාපාර නාමයට අදාල ඩොමේන් එක තිබේදැයි පරීක්ෂා කල හැක..එසේ පවතී නම් වර්ශයකට ආසන්න වශයෙන් 10$-20$ අතර මුදලක් ගෙවා ඔබට .com වැනි ඩොමේන් එකක් ලබාගත හැක..
ඔබ .lk නාමයක්ද ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහාද ඔබට වසරකට ආසන්න වශයෙන් රුපියල් 5000-10000 අතර මුදලක් වැය වේ..

මීට අමතරව ඔබ මීලගට අවධානය යොමු කල යුතු කාරණය වන්නේ ඔබගේ අපේක්ෂිත පාරිභෝගික කණ්ඩායම කවුරුන්ද යන්නයි..විදේශගත තොග ගැනුම්කරුවන්, විදේශීය මැණික් ව්‍යාපාරිකයින්, ආභරණ නිශ්පාදකයින් හෝ අවසාන පාරිභෝගිකයින් වශයෙන් මෙම කණ්ඩායම් සරලව වර්ග කල හැක..
මීටත් අමතරව ඔබ high luxury මට්ටමින් ඔබගේ ව්‍යාපාර කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඔබගේ ව්‍යාපාර නාමය ඊට අනුකූල විය යුතුය..
උදා: cartier, louis vitton, rolex

මීට අමතරව ඔබ පහත සදහන් කරුණු පිලිබදවද අවධානය යොමු කිරීම තුළින් ඔබගේ ව්‍යාපාර නාමය ඔබට වාසිදායක කරගත හැකිය
*සරල වීම
*උච්චාරණය පහසු වීම
*කෙටි වීම
*පහසුවෙන් මතක තබාගත හැකි වීම
*මැණික් සම්බන්ධ ව්‍යාපාරයක් බව හැගවීම

ඉහත කාරණා සියල්ලම සපුරාගැනීම ඔබට අසීරු විය හැකි නමුත් ඔබ සපුරාගන්නා කාරණා ප්‍රමාණය මත ඔබට ඔබගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය සදහා ව්‍යාපාර නාමය ඉවහල් කරගත හැකි වේ..

Exporting gems legally from Sri Lanka 02/නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 02

Before exporting gems from Sri Lanka to other countries, there are several steps that you must meet.

First of all, the main issues can be stated as follows.

01.Obtaining a business registration certificate
Here you can register as a sole proprietorship, a partnership or a limited company.

02.Obtaining Gem Trade License
This license certifies and registers you as a gem dealer with the Gems and Jewelery Authority.

  1. Obtaining tax identification number (TIN).
    This number is issued by the Inland Revenue Department
  2. Obtaining VAT certificate on value added
    This certificate is also issued by the Inland Revenue Department
  3. Registration with Sri Lanka Customs as an exporter

After fulfilling the above steps you can export gems with legal permission..I hope to explain all the steps in detail soon.

ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවල් වලට මැණික් අපනයනය කිරීමට ප්‍රථම ඔබ සපුරාලිය යුතු පියවර කිහිපයක් ඇත..එකී පියවරයන් සපුරාලීමේදී අදාල කරගත යුතු විශේශ කාරණා පිලිබදව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි..

ඊට ප්‍රථමයෙන් ප්‍රධාන කාරණා පියවරයන් වශයෙන් පහත පරිදි දැක්විය හැකිය..

01.ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීම
මෙහිදී ඔබට තනි පුද්ගල ව්‍යාපාරයක්,හවුල් ව්‍යාපාරයක් හෝ සීමාසහිත සමාගමක් වශයෙන් ලියාපදිංචිය සිදු කල හැක..අදාල තෝරාගැනීම ඔබගේ මූල්‍යමය හැකියාව,වගකීම් දැරීමේ හැකියාව ආදී කාරණා මත තීරණය වේ..

02.මැණික් වෙලඳ බලපත්‍රය ලබා ගැනීම
මෙම බලපත්‍රය මගින් ඔබ මැණික් අලෙවිකරුවෙකු වශයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සහතික කිරීම හා ලියාපදිංචි කිරීම සිදුවේ.

03.බදුගෙවන්නා හදුනාගැනීමේ අංකය tax identification number (TIN) ලබාගැනීම
මෙම අංකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබේ

04.එකතුකිරීමේ අගය මත බදු සහතිකය VAT certificate ලබා ගැනීම
මෙම සහතිකයද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබේ

  1. අපනයනකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වීම

ඉහත පියවරයන් සපුරාලීමෙන් පසුව ඔබට නීතිමය අවසරයක් සහිතව මැණික් අපනයනය සිදුකල හැකිය..සියලු පියවරයන් සවිස්තරාත්මකව ඉදිරියේදි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි

Exporting gems legally from Sri Lanka 01 / නීත්‍යානුකූලව මැණික් අපනයනය කිරීම 01

Sri Lanka is a country rich in mineral resources. Gems are the third largest exporter of Sri Lanka’s gross national product. What is it..
The primary purpose of setting up this group was to give detailed knowledge about Manik export to the local marketers..I hope to explain the procedure in detail through a letter.
Sri Lanka Gems and Jewelery Authority is the main body that has authority over gems in Sri Lanka. In addition, there are several other organizations that are important in the gem export process.

There are several certificates and licenses that need to be obtained separately by those institutions. Expect all the details regarding that in future articles. If there are any problems in that regard, I request you to mention them below..

ශ්‍රී ලංකාව ඛණිජ සම්පත් වලින් අනූන වූ රටකි.එමෙන්ම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිශ්පාදනය තුල අපනයන යටතේ ඇති තෙවන විශාලතම ආදායම වන්නේද මැණික් ඇතුලු ඛනිජ සම්පත් අපනයන ආදායමයි.දේශීය වශයෙන් මැණික් වෙලදාමේ නිරත වන්නන් හට පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ සිට මැණික් අපනයනය කිරීමට අදාල ක්‍රියාපටිපාටිය කුමක්ද යන්නයි..

මෙම සමූහය පිහිටවීමේ මූලික අරමුණ වූයේද මැනික් අපනයනය සම්බන්ද දැනුම දේශීය අලෙවිකරුවන් හට සවිස්තරාත්මකව ලබාදීමයි..එම ක්‍රියාපටිපාටිය සවිස්තරාත්මකව ලිපිපෙලක් මගින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

ශ්‍රී ලංකාවේ මැණික් සම්බන්ධයෙන් බලතල දරණ ප්‍රධානතම ආයතනය වන්නේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි..ඊට අමතරව මැණික් අපනයන ක්‍රියාවලියේදී වැදගත් වන තවත් ආයතන කිහිපයක්ද ඇත.

එකී ආයතන මගින් වෙන් වෙන් වශයෙන් ලබාගත යුතු සහතික සහ බලපත්‍ර කිහිපයක්ද ඇත..ඒ සම්බන්ද සියලුම විස්තර සවිස්තරාත්මකව ඉදිරි ලිපි මගින් බලාපොරොත්තු වන්න..ඒ සම්බන්ධයෙන් ගැටලු තිබේනම් පහතින් සදහන් කරන ලෙසද ඉල්ලා සිටිමි..